Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ඉල්ලූම් කළ ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්, අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා.
ඒ, පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 6.56කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් අනතුරුවයි.
බස් ගාස්තු සංශෝධනය සඳහා වන කමිටුව රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරිමෙන් පසු ගාස්තු සංශෝධනයට අදාළ නිර්නායක 12ක් සැලකිල්ලට ගනිමින් වර්තමාන ගාස්තුව සියයට 6.56 කින් ඉහල දැමිය යුතු බවට නිර්දේශ කර තිබුණා.
රුපියල් දහයේ අවම බස් ගාස්තුව වෙනස් නොකිරීමටද තීරණය කර ඇති අතර, අදාළ තීන්දු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය හිමිවූ ගාස්තු සංශෝධනය සාධාරණ නොවන බවයි පෞද්ගලික බස් සංගම් චෝදනා කළේ.
ඔවුන් සියයට 15ත්, 20ත් අතර ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගම් ප්‍රකාශ කළා.
අද දිනයේ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පෞද්ගලික බස් සංගම් වෙත දැනුම් දී තිබුණ ද ඊට සහභාගි නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඉහළ දැමුණු බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.