Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132 ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ යන අතර, ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 159ක්.
ඔටෝ ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 104 ක්.
එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 134 ක් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.