Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල වැඩිවේ

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 50 කින් ඉහළ යන අතර, කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 20 කින් ඉහළ යනු ඇති.
කෙසේ වෙතත්, ළදරු කිරිපිටි සඳහා මෙම මිල වැඩිවීම අදාළ වන්නේ නැහැ.
මෙම, මිල ඉහළ යාම බලපාන්නේ හෙට (05) සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා පමණයි.