අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවන බවයි කොළඹ පැවත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ කියාසිටියේ.
එමෙන්ම ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩුවනු ඇති.
