Gossips

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද සිදුවන අතර, එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උතුරු ඇමරිකාවට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන අතර, යුරෝපයට සහ අප්‍රිකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව සඳහන්.
එමෙන්ම අද දිනයේ පූර්ණ චන්ද්‍රයා බටහිර තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සුපිරි රුහිරු වෘක චන්ද්‍රයා ලෙසයි.
එහිදී සුපර් බ්ලඩ් හෙවත් සුපිරි රුහිරු යන්න එක්වී ඇත්තේ චන්ද්‍රයා පෘථීවියට ආසන්නතම කක්ෂයක ගමන් කරද්දී පුරසඳ උදාවීම නිසා එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව සහ දීප්තිමත්ව දිස්වීම හේතුවෙන්.
උතුරු ඇමරිකානු ස්වදේශිකයන් වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රයා හඳුවන්නේ වෘක සඳ ලෙසයි.