අද අලූයම 4 සිට හෙට අලූයම 4 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගයේ සහ ඊට අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
