Gossips

අද පාර්ලිමේන්තුව අවට රථවාහන ගමනාගමනයට සීමා

පාර්ලිමේන්තුව අවට අද පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක දහවල් 12 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.
මීට අමතරව පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද යොදවා තිබෙනවා.