Gossips

අද, පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාවට වැසෙයි

අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළා.
සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරටපාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ අර්බුදකාරී තත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තා.
පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද (19) දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබුවා.