Gossips

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ නිරතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතින අතර සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවීමේ හැකියාව පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කලුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, දකුණු පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ද ඇතිවිය හැකියි.
මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකියි.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.