Gossips

අද පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද පස්වරුවේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.