දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට ද ප්‍රබල අකුණු තත්ත්වයක්ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.