Gossips

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වල මෙන්ම පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 40ක තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.