බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වල සවස 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එහිදී එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.
