මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල අද පස්වරු දෙකෙන් පසු තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි අතර, ඒ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.