Gossips

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා තරමක තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මීට අමතරව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12 යි 10ට තරාකුණ්ඩු, පල්ලෙමඩු, පූතූර්, පුදුකුඩිඉරිප්පු සහ කෝකිලායි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි.