දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අදත් පස්වරු දෙකෙන් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී තද සුළං ද අපේක්ෂා කළ හැකි අතර, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.
