Gossips

අද පස්වරුවේත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පස්වරු 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.