Gossips

අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

අද දිනයේත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලටත් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලටත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය, හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 70ට වැඩි තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.