Gossips

අද පත්වීම ලබාගත් නව ආරක්ෂක ලේකම්වරයා මෙන්න

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත් බවයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයයේ නව ලේකම්වරයා වන්නේ ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායකයි.
ආර්.පී. ආරියසිංහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට ද එල්.පී. ජයම්පති වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ද කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට ද පත්කර තිබෙනවා.
ආචාර්ය බී.එම්.එස්. බටගොඩ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයායි.
පද්මසිරි ජයමාන්න අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, එච්.ටී. කමල් පද්මසිරි පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්, වී. සිවඥානසෝති නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසට ද එස්.එම්. මොහොමඩ් කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසට ද එස්. හෙට්ටිආරච්චි සංචාරක හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට ද අද පත්වීම් ලබාගත්තා.