සබරගමුව, ඌව, මධ්‍යම යන පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං ද ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් හෙට දිනයෙන් පසුව අපේක්ෂා කරන බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කියා සිටියේ.
