Gossips

අද දිනයේ වැසි වැඩි වේ

අද (04) දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, ඌව, උතුර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
සෙසු පළාත්වල තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.
මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද දැනුම් දෙනවා.