දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දිනයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
අනෙකුත් පළාත්වලට පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.