Gossips

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 පමණ තද වැසි මෙන්ම එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළේ.