දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේ ද වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මාතර සිට ත්‍රිකුණාමලය හරහා යාපනය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ත්, 80ත් පමණ ඉහළ යා හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසට ද දැනුම් දෙනවා.