Gossips

අද තරඟය ගැන ශ්‍රී ලංකා දකුණු දෙපිලේම දැඩි අවධානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන දෙවන එක්දින තරඟය ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින දෙරටටම වැදගත් වනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසනවා.
ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා මෙම තරඟය ඉවහල් වීම ඊට හේතු වී තිබෙනවා.
දිවා රාත්‍රී තරඟයක් ලෙස අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට සෙන්චූරියන්හිදී ආරම්භ වීමට නියමිතයි.
පළමු තරඟයට ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් වෙනුවට කසුන් රාජිත අද කණ්ඩායමට එක්වනු ඇති.
පළමු එක්දින තරඟය කඩුලු 8කින් ජය ගනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි.