Gossips

අද ඩොලරයේ විකුණුම් මිල 157යි

මාර්තු මාසයේ දෙවන සතිය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2කින් ද, ස්ටලින් පවුමට සාපේක්ෂව සියයට 5.4කින් ද අවප්‍රමණය වී ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා.
යුරෝ වලට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය 4.9ක් වන අතර, එම කාලසීමාව තුළ රුපියල ජපාන යෙන් වලට සාපේක්ෂව සියයට 7.9කින් අවප්‍රමාණ වී තිබෙනවා.
අද වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 154 ශත 11ක් ලෙස ද, විකුණුම් මිල 157 ශත 88ක් ලෙස ද දැක්වුණා.
පවුමක ගැණුම් මිල රුපියල් 216 ශත 84ක් ලෙස දැක්වෙද්දී විකුණුම් මිල සටහන් වූයේ 223යි ශත 90ක් ලෙසයි.