Gossips

අද උදේම දෙයින්දරම හඬවමින් පාසල් ගිය සඳරුවන් සහ කුමාර නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි

අද උදේම දෙයින්දරම හඬවමින් පාසල් ගිය සඳරුවන් සහ කුමාර නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි "
හක්මන – දෙනගම රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)
දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියේ ගමන් ගත් දෙනගම – කළුවලාකැටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක්.

(ඡායාරූප – කැලුම් බෝධිනායක )