අද උදෑසන කොළඹ, කටාන සහ මඩකලපුව ප්‍රදේශවල සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයින් විවිධ අරමුණු ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටී කලබලයට පත් නොවන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් තහවුරු කරගත් සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි, ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් නිල පාර්ශවයන්ගෙන් තහවුරු කරගත් සත්‍ය තොරතුරු පමණක් වාර්තා කිරීමට හිරු මාධ්‍ය ජාලය කටයුතු කරන අතර සමාජ මාධ්‍ය ජාලා සහ කටකතා මඟින් පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.