Gossips

අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස මෙන්ම ඔරුමිත්තනාඩු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු අතර, සියළු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද එහි සදහන්.
ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අමතරව 55 දෙනෙකුගෙන් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් ද එමගින් යෝජනා කර තිබෙනවා.
එක් එක් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරින් 5 දෙනෙකු, දෙවන මන්ත්‍රණ සභාවට තෝරා පත් කර ගත යුතුයි.
යෝජනාවලට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පාර්ලිමේන්තුවට සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයට පවරා තිබෙනවා.
එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තුව විසින් නීතිය මගින් නියම කරන කාර්ය පටිපාටිය ප්‍රකාරව නිරවශේෂ ඡන්ද ක්‍රමය පදනම්ව අදාළ පුරවැසියා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ සම්පූර්ණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් හරි අඩකට අඩු නොවන ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත්තා වූ පුරවැසියෙකු පාර්ලිමේන්තුවේ සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයේ ඒකාබද්ධ සැසි වාරයේදී ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුතු බවයි.
එසේම ජනාධිපතිවරයා ස්වක්‍රීය ධුරකාලය තුළ දී දේශපාලන සාමාජිකයෙකුගේ, නිලධාරියෙකු මෙන්ම පක්ෂ දේශපාලනයේ යෙදීම ද සිදුනොකළ යුතු බව එහි සඳහන්.
අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විය යුතු බවට ද එමගින් යෝජනා කෙරෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බව ද යෝජනාවේ දැක්වෙන අතර, ඕනෑම අවස්ථාවකදී අගමැතිගේ උපදෙස් පරිදි ජනපති අමාත්‍යවරුන්ට කළ පැවරීමක් වෙනස් කළ හැකියි.
සම්පූර්ණ කැබිනට් අමාත්‍යවරුන් ගණන 30 නොඉක්ම විය යුතු අතර, කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නොවන සම්පූර්ණ අමාත්‍යවරුන්ගේ ගණන ද 30 නොඉක්ම විය යුතු බව යෝජනාවේ දැක්වෙනවා.
පොලීසිය, ශ්‍රී ලංකා ජාතික පොලීසියෙන් මෙන්ම පළාත්බඳ පොලිස් සේවාවකින් ද සමන්විත විය යුතු බව නව යෝජනාවල දැක්වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු සම්පූර්ණ වාර්තාව පහතින්.
නව ව්‍යවස්ථා යෝජනාවලිය මෙතැනින්