සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් අද රාත්‍රී 9.23ට දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වනවා.
චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීම ඊට හේතුව බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ.
එසේම මෙම සුපිිරි සඳ සියයට 6ක් වැඩි විශාලත්වයෙන් හා සියයට 14 ක් පමණ වැඩි දීප්තියකින් යුක්තව දැක ගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.
