Gossips

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සී.අයි.ඩී.යට යළි පැමිණේ

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
පෙරවරු 9.30 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මීට පෙර අවස්ථා 3 කදී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන්නේ.