Gossips

අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් සී.අයි.ඩී.යේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දෙවන දිනටත් පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.
පෙරවරු 9යි 30ටයි ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.
අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පසුගිය 11 වනදායි.
එහිදී ඔහුගෙන් පැය 8 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඔහුව අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
ඒ ඔහු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින්.