Gossips

අද්මිරාල් කරන්නාගොඩ තෙවන දිනටත් අද සී.අයි.ඩී.යට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා දෙකකදී ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ උදෑසන 9ට හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා කැදවා ඇති බවයි.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.