Gossips

අදත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

අද දිනයේදීත් දිවයින පුරා සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, අකුණුසැර වැදීමක් හේතුවෙන් ගිරිතලේ – 1 කණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඊයේ (07) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.
එමෙන්ම වර්ෂාපතනයත් සමඟ පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ප්‍රධාන මාර්ගයට කරදගොල්ල ප්‍රදේශයෙන් ඊයේ (07) පස්වරුවේ මෙම පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබුණා.