Gossips

අදත් වැසි සහිත කාලගුණ තත්ත්වයක්

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම,ඌව, සබරගමුව, උතුරු-මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක් පමණ තද වැසි බලාපොරොත්තු වන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර,බස්නාහිර, දකුණු සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබවයි වාර්තා වන්නේ.