Gossips

අදත් පාර්ලිමේන්තුවේ කැදවීමේ සීනුව නාද කෙරේ

සභා ගර්භයේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් අදත් පාර්ලිමේන්තුවේ කැදවීමේ සීනුව නාද කිරීමට මූලාසනයට සිදුවුණා.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මූලාසනයේ රැදී සිටි අතර, සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනුයි ඝන පූර්ණය නොමැති බව අවදානයට ලක් කළේ.
අල්ලස් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මේ වන විට පාර්ලිමේන්තුවේ සිදුවනවා. පසුව ඝන පූර්ණය සම්පූර්ණ වූ අතර අනතුරුව යළි සභාවේ කටයුතු ආරම්භ වුණා.