Gossips

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පස්වරු දෙකෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 දක්වා තරමක් තද වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40 – 45 දක්වා තරමක් තද සුළංද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.