Gossips

අදත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්

වයඹ සහ බස්නාහිර පළාත්වලටත් මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් අද දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ උණුසුම් තත්ත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට එදිනෙදා කටයුතු සිදුකරන ලෙසටයි.
අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකියි.
එම නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.