Gossips

අදත් පළාත් රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරුමැද, මධ්‍යම සහ ඌව පලාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට ස්ථාපිත වී ඇති අතර එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ සවස් කාලයේ ඇති වන අකුණු සහ ගිගුරුම් සහිත වැසියි.
මේ නිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කුඹුරු, ක්‍රීඩාපිටි, ජලාශ සහ තේ වතු වැනි ස්ථානවල ගැවසීමෙන් සහ විශාල ගස් යට රැදී සිටීමෙන් වළකින ලෙසයි ඉල්ලා සිටියේ.
එමෙන්ම විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීමෙන් සහ රැහැන් දුරකථන භාවිතා කිරීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.