Gossips

අදත් පළාත් රැසකට තද වැසි

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ කියා සිටියේ.
එමෙන්ම, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද ඇය කියා සිටියා.