Gossips

අදත් පළාත් කිහිපයකට වැසි

උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද අද දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවයි.
වැසිත් සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.