අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිවයිනේ නිරිතදිග අහස වලාකුලෙන් බරව, අඳුරු ස්වභාවයක් ගන්නා බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලාශයේ පහළ ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම පවතින වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා ජනතාව සූදානමින් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන්