Gossips

අදත් දිවයින පුරා වැසි

අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, ඉදිරි දින දෙකෙන් පසු වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් යාන් ඔය, මා ඔය, අත්තනගලූ ඔය සහ නිල්වලා ගෙඟ් ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයාමේ අවදානම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.
පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව – සුංගාවිල සහ මනම්පිටිය – සෝමාවතිය යන මාර්ගද ජලයෙන් යටව තිබුණා.