Gossips

අදත් දිවයින පුරා තද වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වලට මිලිමීටර් 100 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර, අද දිනයේදී ද කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.