Gossips

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (11) පස්වරුවේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ දකුණු, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
එමෙන්ම මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි.