දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම, සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 දක්වා වැසි අපේක්ෂා කළ හැකියි.
එමෙන්ම, දිවයින පුරා ප්‍රදේශ රැසක පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
මේ අතර, වැලිගම – මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ අංජු පුතා නැමැති ධීවර යාත්‍රාවේ ධීවරයන් නැවතත් නිරුපද්‍රිතව දෙවුන්දර වරාය වෙත පැමිණ තිබෙනවා.
දෙවුන්දර සිට මුහුදු සැතපුම් විස්සත්, තිහත් අතර සීමාවේදී ඉරානයට අයත් වෙළඳ නෞකාවක ගැටීමෙන් ඊයේ උදෑසන අනතුරට ලක්වූ ඔවුන්ගේ යාත්‍රාව මුහුදුබත් වී ඇති බව සදහන්.
කෙසේ නමුත්, ඒ අසලින් ගමන් ගත් ‘‘මහේෂ් පුතා‘’ ධීවර යාත්‍රාව මගින් එම ධීවරයින් පිරිස බේරා ගෙන දෙවුන්දර වරාය වෙත යළි රැගෙනවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
