Gossips

අදත් ගිගුරුම් සහිත තද වැසි – සුළං සහ අකුණු අනතුරු අවදානම ඉහළ යයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට 18 වනදා දක්වා ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපාරොත්තු විය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද ජනතාව වෙතින් ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකම තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.