ඌව පළාතේ ස්ථාන කිහිපයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනවා.
හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.
පුත්තලම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා.
එබැවින් එම මුහුදු ප්‍රදේශ රලු විය හැකියි.
මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.