Gossips

අදත් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙන ලකුණු

අද දිනයේදීත් නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අද පස්වරුවේ මෙම දිවුරුම් දීමේ කටයුතු සිදුවනු ඇති බවයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ ද කැබිනට් අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව එස්.බී. නාවින්න – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 07 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.
මේ අතර, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සුනිල් හෙට්ටිආරච්චි ද, වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එන්.ඒ. සිසිර කුමාර පත් කර තිබෙනවා.
සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස දර්ශනා සේනානායක පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
rn