Gossips

අතුරු සම්මත ගිණුමට ඡන්දය නොදුන්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන්, නිදහසට කරුණු විමසයි

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සම්මත කර ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.
ඡන්ද විමසීම සිදුකෙරුණු පසුගිය සිකුරාදා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ.
අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්ට අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
ලබන වසරේ පළමු මාස 04 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි.
ආණ්ඩුව සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය මෙම අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය භාවිතා කළා.
විපක්ෂව ඡන්දය ලබාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැහැ.